hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 23, පෙ.ව. 12:14



අප්‍රේල් 22 වනදා දහවල් ජම්මු සහ කශ්මීර් හි පහල්ගම් ප්‍රදේශය අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදි සවුදි අරාබියේ නිල විදෙස් සංචාරය අතරමග නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

පහල්ගම් ප්‍රදේශයේදී සංචාරකයන් ඉලක්ක කරගෙන නාඳුනන තුවක්කුකරුවන් සිව් දෙනකු විසින් එල්ල කළ ප්‍රහාරයෙන් 28 දෙනකු මියගිය බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම තුවාලකරුවන් ද විශාල ප්‍රමාණයක් වනවා. තුවක්කුකරුවන් මුස්ලිම් නොවන පුද්ගලයන් ව ඉලක්ක කළ බවට ද වාර්තා පළවී තිබුණා.

ප්‍රහාරයේ වගකීම ප්‍රතිරෝධයේ පෙරමුණ නම් සංවිධානය බාරගෙන ඇතැයි සඳහන්. එය ලශ්කාර්-ඊ-ටොයිබා සංවිධානයෙන් බිඳී ආවක් බවයි කියැවෙන්නේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශා ප්‍රහාරයෙන් අනතුරුව වහා කශ්මීරය වෙත පිටව ගියා. ඔහු එහිදී ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවන්ට එක්වූ බව වාර්තා වනවා.