hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 09, ප.ව. 3:37



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ සහ අද රුසියාවේ නිල සංචාරයක නිරත වනවා. මෝදි රුසියානු අගනුවර මොස්කව් වෙත සංචාරය කළේ වසර නවයකට පසුවයි.

මොස්කව් නගරය ආසන්නයේ නෝව-අගර්යෝව (Novo-Ogoryovo) වත්තේදී ඔහු ඊයේ සන්ධ්‍යා යාමයේ රුසියානු ජනධිපති ව්ලදිමීර් පුටින් මුණගැසුණා. මෙහිදී පුටින් ඔහුට සිය නිල වාසස්ථානයක් වන නෝව-අගර්යෝව හි උද්‍යානය සහ අශ්ව ස්ථාලය ද පෙන්වූ අතර තේ පැන් සංග්‍රහයක් ද මෝදි වෙනුවෙන් සංවිධානය කර තිබුණා.

අද දිනයේ දෙපාර්ශවය අතර නිල සාකච්ඡා සිදුවූ බව වාර්තා වනවා. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ අනෙකුත් කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා ඇතිවුණ අතර මෝදි අද දින සඳහන් කළේ ඉන්දියාව කසාන් සහ යෙකතරින්බුර්ග් නගරවල නව කොන්සල් කාර්යාල දෙකක් විවෘත කරන බවයි.

යුක්‍රේන යුද්ධය ආරම්භ වූ පසුව රුසියාව සමග වෙළෙඳ ගනුදෙනු නවත්වන්නැයි බටහිරින් පැමිණි බලපෑම්වලට එකඟ නොවූ ඉන්දියාව ලෝක වෙළෙඳපොලේ මිලට වඩා අඩුවෙන් රුසියාවෙන් තෙල් මිලදී ගත්තා. එමෙන්ම ඉන්දියාවේ යුධ අවි කර්මාන්තය ස්වදේශීකරණය කිරීමේ වෑයමට ද රුසියාවේ සහයෝගය හිමිව තිබෙනවා.