hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූනි 25, ප.ව. 8:45



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නුදුරු අනාගතයේදී රුසියාවේ සංචාරයක යෙදීමට නියමිත බව රුසියානු ජනාධිපතිවරයාගේ විදෙස් ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකෆ් පවසනවා.

එම සංචාරය පැවැත්වෙන දිනය දෙරට විසින්ම නිල වශයෙන් නිවේදනය කෙරෙනු ඇතැයි ද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඉන්දියානු පුවත්පතක් වාර්තා කර තිබුණේ මෙම සංචාරය ජූලි 8 වනදා ඇරඹෙන දෙදින සංචාරයක් බවයි.

එම සංචාරය අතරතුර මෝදි රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ද මුණගැසීමට නියමිතයි.