hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 පෙබරවාරි 09, පෙ.ව. 1:56



එළඹෙන ඉන්දීය මහමැතිවරණයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුක්ත ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 335 ක් දිනාගනු ඇතැයි නවතම සමීක්ෂණය ප්‍රකාශ කරනවා.

එම සන්ධානය ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය සියයට 45 ක් බවයි එම සමීක්ෂණය පවසන්නේ.

මේ අතර සන්ධානය සියයට 38 ක් වන ඡන්ද ප්‍රතිශතයක් සමග ආසන 166 ක් දිනාගන්නා බවයි පැවසෙන්නේ.

මෝදි පසුගියදා ප්‍රකාශ කළේ තම ඉලක්කය ආසන 400 පසුකර යාම බවයි. එයින් ද භාරතීය ජනතා පක්ෂය තනිව ආසන 370 ක් දිනාගනු ඇතැයි ඔහු කියා සිටියා.

සමීක්ෂණය මගින් පැවසෙන අනාවැකිය වෙනස් වීමේ හැකියාවන් බොහොමයක් තිබෙනවා. එක් අතකින් තවමත් සමහර දේශපාලන පක්ෂ කිසියම් සන්ධානයක් හා ඒකාබද්ධ වේදැයි නිශ්චිත නැහැ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ මෝදිගේ ඉලක්කය වන ආසන 400 එතරම් පහසු නොවන ඉලක්කයක් බවයි පෙනී යන්නේ.

Example Image