2023 අගෝස්‍තු 10, ප.ව. 9:25
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය අද දිනයේ පරාජය වුණා.
අද සන්ධ්‍යා සමයෙහි පාර්ලිමේන්තුවේ කතානායකවරයා යෝජනාවට පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් ගේ හඬ පරික්ෂාවෙන් එම යෝජනාව පරාජය වූ බව තීරණය කළා.
විශ්වාසභංග යෝජනාවට පිළිතුරු දෙමින් අගමැති මෝදි පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රීන් සභාගර්භයෙන් ඉවත්ව යාම මෙහිදී කැපී පෙනෙන සිද්ධියක් වුණා. සමාජවාදී පක්ෂයේ ඩිම්පල් යාදව් මන්ත්‍රීවරිය කියා සිටියේ මෝදි මනිපූර් සිද්ධීන් පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීමට විරෝධය පාමින් තමන් මෙසේ පිටව යන බවයි.
කොන්ග්‍රස් පක්ෂ මන්ත්‍රී ගෞරව් ගොගොයි කියා සිටියේ විශ්වාසභංග යෝජනාව විසින් මෝදිට මනිපූර් පිළිබඳ ප්‍රකාශ කිරීමට බලකෙරුණ බවයි. එමෙන්ම ඔහු සිය වගකීම් පැහැරහැරි බව ද ගොගොයි අවධාරණය කළා.
කෙසේ නමුත් මෝදි සඳහන් කළේ නුදුරු අනාගතයේදී මනිපූර් හි සාමය ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇති බවයි.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59