2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:06
ශැංහයි සහයෝගීතා සංවිධානයේ 25 වන රාජ්‍ය නායක හමුව සඳහා චීනයේ ටියැංජින් වෙත පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සමුළුව අතරතුරදී චීන ජනාධිපති සී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග සුහද කතාබහක යෙදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයන් හි පළකර තිබෙනවා.
ශැංහයි සහයෝගිතා සංවිධානය මූලික වශයෙන් ආරක්ෂාව සම්බන්ධ සංවිධානයක් වුවද මෙම සමුළුවේදී මෙම තිදෙනා මුණගැසීම වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ඉතා වැදගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
විශේෂයෙන්ම ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය හමුවේ මෙම රටවල් අතර සහයෝගීතාව වර්ධනය වීමක් ලෙස මෙම තත්ත්වය දකින්නට හැකියාව තිබෙනවා.
ශැංහයි සහයෝගීතා සංවිධානය රටවල් දහයකින් සමන්විත එකමුතුවක්. එහි චීනය, රුසියාව, කසාක්ස්ථානය, උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, කිර්ගීසියාව, ඉන් දියාව, පාකිස්ථානය, ඉරානය සහ බෙලාරුස් යන රටවල් වනවා.
මෙම සමුළුවට සමගාමීව ඊයේ චීන සහ ඉන්දියානු නායකයන් අතර ද්විපාර්ශවික හමුවක් පැවැත්වුණා. එහිදී දෙරට අතර වන ගැටලු සාමකාමී ලෙස විසඳාගැනීමේ වැදගත්කම පිළිබඳව දෙදෙනා සාකච්ඡා කළා.
2025 අගෝස්තු 31, ප.ව. 2:36
2025 අගෝස්තු 25, පෙ.ව. 8:33
2025 අගෝස්තු 17, ප.ව. 11:26
2025 අගෝස්තු 17, ප.ව. 11:09
2025 අගෝස්තු 16, පෙ.ව. 10:00