hit counter

2024 ජූනි මස 24 වන සඳුදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 10:27



මංකි පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ (වඳුරු පැපොල) වයිරසය හැඳින්වීමට අලුත් නමක් අවශ්‍ය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ‘වඳුරු උණ’ වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවට ඇරැයුම් කර තිබෙනවා.

මෙම වයිරසය, වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී, ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තිය සිදුවන වයිරසයක් බැවින් මෙය ‘වඳුරු උණ’ ලෙස හැඳින්වෙයි.

පළමුවෙන් ‘වඳුරු උණ’ වයිරසය සොයා ගැණුනේ 1970 දී අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයෙනි. ‘වඳුරු උණ’ වයිරසයේ ආරම්භය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවය. මෙම කලාපයේ රටවල ‘වඳුරු උණ’ ව්‍යාප්තිය බහුලව සිදුවෙයි.

කෙසේ නමුත්, මේ වනතුරු ‘වඳුරු උණ’ අප්‍රිකාවෙන් පිට බටහිර රටවලින් වාර්තා වූයේ ඉතාමත් කලාතුරකිනි. අදවනවිට ලොව නන්දෙසින් ‘වඳුරු උණ’ වයිරස වසංගත තත්ත්වයක් වාර්තා වීමට පටන්ගෙන තිබෙනවා.

රටවල් 70 කට වැඩි ගණනකට ‘වඳුරු උණ’ වයිරසය ව්‍යාප්ත වී ඇති අතර, වාර්තා වී ඇති රෝගීන් ගණන 31,000 ට වැඩිය. මරණ 12 ක් වාර්තා වෙයි. අප්‍රිකාවෙන් පිට වෙනත් රටවලින් මෙසේ ‘වඳුරු උණ’ වාර්තා වීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මවිතය පළ කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයකට පත් කර ඇත. වැඩියෙන්ම ‘වඳුරු උණ’ ව්‍යාප්තියක් සිදුවන්නේ යුරෝපා බටහිර රටවලින්.

ඇමෙරිකාවේ ද ප්‍රාන්ත මට්ටමින් ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් හදිසි තත්ත්ව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයි ඇමෙරිකන් වෛද්‍යවරු පවසයි.

‘වඳුරු උණ’ යනු වසූරිය සහ පැපොල අතර මැදි තත්ත්වයකි. සමේ බිබිලි හට ගැනීම, උණ, මස්පිඩු වේදනාව, හිසරදය ආදිය වඳුරු උණ රෝග ලක්ෂණයි.

‘වඳුරු උණ’ ආසාදනය වැළැක්වීමට මේ වනවිටත් රටවල් බොහොමයක් එන්නත්කරණ වැඩසටහන් ආරම්භ වී තිබෙනවා.

ඔබ යෝජනා කරන නම පහත ලින්ක් එක හරහා යෝජනා කරන්න (ICD-11 Proposal )
https://icd.who.int/dev11





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: