hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 අගෝස්‍තු 07, පෙ.ව. 10:48



නොබෙල් සම්මානලාභී ආර්ථික විද්‍යාඥ ආචාර්ය මොහොමඩ් යූනුස් බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස නම් කර තිබෙනවා. මේ බව නිවේදනය කරන ලද්දේ එරට ජනාධිපති කාර් යාලය විසින්.

මොහොමඩ් යූනුස් බංග්ලාදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ක්ෂුද්‍ර ණය ක්‍රම පිළිබඳ පුරෝගාමී වෙමින් නිර්මාණය කළ ග්‍රාමීන් බැංකුව එරට දරිද්‍රතාවය පහළ හෙලීමට දායක වුණා. ඒ වෙනුවෙන් ඔහුට 2006 නොබෙල් සාම ත්‍යාගය හිමිවුණා.

හිටපු අගමැතිණි ශෙයික් හසීනාගේ ප්‍රබල විවේචකයකු වූ යූනුස්ට හසීනා පාලනය යටතේ දූෂණ චෝදනා ද එල්ල වුණා. හසීනා බලයෙන් නෙරපන ලද පසුව අන්තර්වාර ආණ්ඩුවක් පත්කෙරෙන බව එරට යුධ හමුදාව විසින් ප්‍රකාශ කරනු ලැබුණා.