hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 10:37



මියන්මාරයේ කයා ප්‍රාන්තයේ අගනුවර වන ලොයිකව් නගරයේ පාලන බලය සඳහා තවමත් දරුණු සටන් පවතින බව වාර්තා වනවා.

කරෙන්නි ජාතිකයන්ගේ ආරක්ෂක බලකාය, කරෙන්නි හමුදාව සහ කරෙන්නි ජාතික මහජන විමුක්ති පෙරමුණ යන සංවිධාන නොවැම්බර් 11 වනදා සිට දියත්කළ මෙහෙයුම් කේන් ද්‍රගතව ඇත්තේ එම නගරය දෙසටයි.

නගරයේ විශ්ව විද්‍යාලය සහ දිසා අධිකරණය ඇතුළු ස්ථාන පසුගිය සතියේ කැරලිකරුවන් අතට පත්වුණා. එමෙන්ම පසුගිය දින දහයක් තුළ යුධ හමුදා සෙබළුන් 200 ක් පමණ එම නගරයේ සටන්වලින් මියගොස් ඇතැයි වාර්තා වනවා.

මේ අතර නගරය හැරයාමට හැකි අය නගරයෙන් පළාගොස් ඇතත් අනෙකුත් පුද්ගලයන් එහි රැඳී සිටිනවා.

ලොයිකව් නගරය කැරලිකරුවන් අතට පත්වුවහොත් එය 2021 න් අනතුරුව හමුදාවට බලය අහිමි වූ පළමු ප්‍රාන්ත අගනුවර වනු ඇති.