2023 නොවැම්බර් 26, පෙ.ව. 10:22
මියන්මාරයේ ත්‍රිපාර්ශවික සහෝදරත්ව සන්ධානයට අයත් මියන්මාර් ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධාන හමුදාව කොකෑංග් ස්වයංපාලන ප්‍රදේශයේ අගනුවර වන ලවුක්කායි දෙසට ගමන් කරමින් සිටින බව ඊයේ නිවේදනය කළා.
එම සංවිධානය පවසා සිටියේ ලවුක්කායි ආසන්නයේ හමුදා කඳවුරු කිහිපයක් පසුගියදා තමන් අතට පත්වූ බවයි. ඒ අනුව තම හමුදා දැන් අගනුවරට තර්ජනය කරමින් සිටින බවයි එම සංවිධානය පැවසූයේ.
කොකෑංග් ස්වයංපාලන ප්‍රදේශය මියන්මාරයේ ෂාන් ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශයෙහි පිහිටි, චීන දේශසීමාවට යාබද ප්‍රදේශයක් වන අතර එහි ජීවත්වන කොකෑංග් ජනයා මැන් ඩරින් බස ව්‍යවහාර කරන හන් චීන ජාතිකයන් වනවා. එය මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ද ප්රකටව පැවති ප්‍රදේශයක්.
කොකෑංග් ස්වයංපාලන ප්‍රදේශයේ සමස්ථ ජනගහනය 150,000 ක් පමණ වන අතර ලවුක්කායි හි ජනගහනය එයින් හයෙන් එකක් පමණ වනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16