hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 10:02



නැමීබියාවේ ජනාධිපති හගේ ගෙයින්ගොබ් මියගොස් තිබෙනවා. එරට උප ජනාධිපතිවරයා නිවේදනය කළේ ගෙයින්ගොබ් වින්ඩ්හෝක් අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි.

පිළිකාවකින් පෙළෙමින් සිටි ගෙයින් ගොබ් ජනවාරියේදී ප්‍රතිකාර සඳහා ඇමරිකා එක්සත් ජනපදයට සංචාරය කළා. ඔහු නැමීබියාව වෙත පැමිණියේ දින කිහිපයකට පෙරයි.

1941 දී උපන් ගෙයින්ගොබ් නැමීබියාවේ තුන්වන ජනාධිපතිවරයා යි. ඔහු ස්වැපෝ පක්ෂය (SWAPO Party) නියෝජනය කළ අතර නැමීබියාවේ නිදහස් සටනට දායක වුණා. කලක් එක්සත් ජාතීන්ගේ නැමීබියානු නියෝජිතයා ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා. නිදහස් නැමීබියාවේ පළමු අගමැති ලෙස දිගු කලක් කටයුතු කළ ඔහු 2015 දී එරට ජනාධිපති ධුරයෙහි වැඩ භාරගත්තා.