hit counter

2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 09, ප.ව. 4:07



ඉන්දියාව සිය ඩයස්පෝරාවෙහි ආරක්ෂාව සහ සුබසිද්ධිය පිළිබඳ ප්‍රමුඛත්වය දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඔඩීසා ප්‍රාන්තයේ බුබනේශ්වර් නගරයේදී පැවති ප්‍රවාසී භාරතීය දිවස් 2025 උත්සවය අමතමින් ඔහු කියා සිටියේ ඩයස්පෝරාව කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීම ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තියෙහි එක් අංගයක් වන බවයි.

කිසියම් අර්බුදයකදී ඔවුන්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛ රාජකාරියක් බවට පත්වන්නේ යයි ද ඔහු සඳහන් කළා.

ඉන්දියානු ඩයස්පෝරාව ලොව බොහෝ රටවල විසිර පවතින අතර ඔවුන් ඉන්දියාවේ සංවර්ධනයට දක්වන දායකත්වය ද මෝදිගේ ඇගැයීමට ලක්වුණා.

වසර දෙකකට වරක් පැවැත්වෙන ප්‍රවාසී භාරත් දිවස් උත්සවය මෙවර පැවැත්වෙන්නේ ඔඩීසාවේ අගනුවර බුබනේශ්වර් හිදී යි.

මෙවර එහි තේමාව “ඉන්දියාවේ ප්‍රගතියට ඩයස්පෝරාවේ දායකත්වය” යන්නයි.