hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:07



සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු ඇප්ස් 26 ක් අත්හිටුවීමත් සමග නේපාලයේ ඊයේ හටගත් විරෝධතා අද උත්සන්න වුණා. එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද විරෝධතාකරුවන් ගිනිතබා ඇතැයි වාර්තා වනවා.

මේ අතර අගමැති කේ.පී. ශර්මා ඕලි සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඊයේ සිදුවූ උද්ඝෝෂණ අතරතුර පුද්ගලයන් 19 දෙනකු මියගිය අතර තුන්සියයකට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

මෙම උද්ඝෝෂණවලට ආසන්නම හේතුව වූයේ සමාජ මාධ්‍ය තහනම වුවද, ඒ පිටුපස දේශපාලනය තුළ ඇති දූෂිත ස්වභාවය සහ ඥාති සංග්‍රහය කෙරෙහි වන විරෝධය බරපතල ලෙස පවතින බවයි පෙනෙන්නට තිබෙන්නේ.