2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:18
ඇඳිරිනීතියද නොතකා රට පුරාම සිදුකරන විරෝධතා අතරතුර නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවස ඇතුළු ගොඩනැගිලි රැසක් ගිනි තබා විනාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් එම විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති රාම් චන්ද්‍ර පෝදල්ගේ නිවස, නේපාලයේ පාලක කොංග්‍රස පක්ෂයේ කාර්යාලය, මෙන්ම තවත් දේශපාලනඥයින් පිරිසකගේ නිවාස ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:13
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:07
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:20
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:46
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:37