hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 මැයි 30, ප.ව. 4:58



නේපාලයේදී අතුරුදන් වූ මගීන් 22 දෙනෙකු රැගත් ගුවන් යානයේ සුන්බුන් හමුවී තිබෙනවා.

ගුවන් යානය Pokhara සිට Jomsom දක්වා පියාසර කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ගුවන් යානයේ සම්බන්ධතා බිඳ වැටෙන විට මගීන් 22ක් එහි ගමන් කර ඇති අතර මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Tara Air ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය නේපාලයේ උතුරු ප්‍රදේශයේ මුස්තාං දිස්ත්‍රික්කයට කඩා වැටී තිබෙන්නේ.

එය ගොඩ බෑමට මිනිත්තු 5ක් තිබියදී සන්නිවේදන සබඳතාවලින් ගිලිහී තිබෙනවා

ඉතිරි මගීන් 8 දෙනාගේ සිරුරු සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.