2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:20
නේපාලයේ රජය විසින් සමාජ මාධ්‍ය සහ පණිවිඩ හුවමාරු යෙදවුම් 26 ක් අවහිර කිරීම හේතුවෙන් රටේ තරුණ ප්‍රජාව මූලිකව හටගත් උද්ඝෝෂණ පාලනය කිරීමට පොලිසිය කළ උත්සාහයන්වලදී 19 දෙනකු මියගොස් තිබෙනවා.
මෙම අවහිර කිරීම සිදුවූයේ නේපාල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මතයි. නේපාල රජයේ නියාමනයන්ට එකඟ නොවන සමාගම්වල කටයුතු අවහිර කරන ලෙස අධිකරණයට පෙත්සම් කිහිපයක්ම ඉදිරිපත්ව තිබුණා. මේ අනුව අධිකරණය නියෝග කර තිබුණේ අදාල සමාගම් නේපාලයේ තම නියෝජිතයකු නම් කිරීම වැනි කරුණු කිහිපයක් ඉටු කළයුතු බවයි. සමාගම් කිහිපයක් එකඟ වූ නමුත් ෆේස්බුක්, වට්ස් ඇප්, සිග්නල් යනාදී ආයතන 26 ක් අධිකරණ නියෝගය අනුව කටයුතු කිරීමට පියවර ගෙන නැහැ. මේ අනුව එම ආයතනවල කටයුතු අවහිර කිරීමට නේපාලය කටයුතු කළා.
නේපාල තරුණ ප්‍රජාව තුළ මෙම පියවරට එරෙහිව විශාල විරෝධයක් ඇතිව තිබෙනවා. ඔවුන් පවසන්නේ රටේ පාලන අධිකාරිය සිය අදහස් දැක්වීමේ අයිතිය සීමා කරන බවයි. මේ අතර මෙම සමාජ මාධ්‍ය යොදාගෙන ව්‍යාපාර කරන අයට මෙන්ම පිටරටවල සිට සිය නෑදෑ හිතමිතුරන් සමග සබඳතා පවත්වන නේපාල වැසියන්ට මෙම පියවර ගැටලු ඇතිකර තිබෙනවා.
රජය ප්‍රකාශ කරන්නේ තම නියාමනයන් හා එකඟ වන ආයතනවල කටයුතු නැවත ඇරඹීමට තමන් ඉඩදෙන බවයි. අධිකරණ නියෝග මත එම ආයතන කටයුතු කළයුතු බවයි රජය ප්‍රකාශ කරන්නේ.
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:46
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:37
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:28
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:06