hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 21, ප.ව. 8:58



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට සහ හිටපු ආරක්ෂක ඇමති යොආව් ගලාන්ට්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

2023 ඔක්තෝබර් 8 වනදායින් අනතුරුව ගාසා තීරයේදී චේතන්විතව සිවිල් වැසියන් ඝාතනය​, යුධ උපක්‍රමයක් ලෙස කුසගින්නේ තැබීම​, කුරිරු ලෙස සැලකීම යනාදී කරුණු මත පදනම්ව මොවුන්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රොසෙකියුටර්වරයා වන කරීම් ඛාන් විසින් වරෙන්තු ඉල්ලා තිබුණා.

අද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව මොවුන් දෙදෙනාට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණා. මේ අනුව මේ දෙදෙනාට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටවල් 120 කට ගමන් කිරීම කළ නොහැකි වනු ඇති.

මොවුන් දෙදෙනාට අමතරව​ හමාස් සංවිධානයේ ඉස්මයෙල් හනියේ, යාහ්යා සින්වාර් සහ මොහොමඩ් ඩයිෆ් යන තිදෙනාට එරෙහිවත් වරෙන්තු ඉල්ලා තිබුණා. මෙයින් හනියේ සහ සින්වාර් මියගොස් ඇතිබව තහවුරුව තිබෙනවා. ඩයිෆ් මියගිය බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද ඒ බව නිසැකව​ තහවුරු වී නැහැ. ඩයිෆ්ට එරෙහිව ද ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කළා.