2024 ඔක්තෝබර් 20, ප.ව. 1:38
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පුද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට ඉරානය වන්දි ගෙවිය යුතු බවට ඊශ්‍රායල දේශපාලකයන් ගණනාවක් පවසනවා.
මෙම ප්‍රහාරයට තමන් සම්බන්ධ නැතැයි ඉරානය පැවසුව ද ඊශ්‍රායලය පවසන්නේ ඉරාන ආධාර ලබන හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කළ මෙම ප්‍රහාරයට ඉරානය ද වගකිව යුතු බවයි.
ප්රජාතන්ත්රවාදී රටක රාජ්‍ය නායකයකු ඉලක්ක කරගෙන පහරදීම සහ ත්‍රස්තවාදී රටක හමුදා ප්‍රධානීන් ඉලක්ක කිරීම කරුණු දෙකක් බව ඊශ්‍රායල කතානායකවරයා සඳහන් කර තිබුණා.
ඊශ්‍රායලයේ දක්ෂිනාංශික දේශපාලකයන් ගණනාවක් ද ඉරානය කෙරෙහි ප්‍රතිචාර දැක්විය යුතු යයි සඳහන් කර තිබෙනවා.
ඊයේ ඊශ්‍රායලයේ සීසරියා ප්‍රදේශයේ පිහිටි නෙතන්යාහුගේ පුද්ගලික නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් එතරම් විශාල හානි සිදුව නැහැ. එමෙන්ම එම අවස්ථාවේ නෙතන්යාහු හෝ ඔහුගේ බිරිඳ හෝ එම නිවසෙහි සිටියේ ද නැති බව වාර්තා වනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16