hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 24, ප.ව. 12:09



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ඉල්ලීමක් කර ඇතැයි පොලිටිකෝ වෙබ් අඩවිය වාර්තා කළා.

නෙතන්යාහු ඇමරිකාවේ නිල සංචාරයක යෙදෙන අතර ඔහු ජනාධිපති ජෝ බයිඩන්, උප ජනාධිපති කමලා හැරිස් ආදීන් හමුවීමට නියමිතයි. එමෙන්ම ඔහු ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය ද ඇමතීමට නියමිතව තිබෙනවා. මේ අතර නෙතන්යාහු ට්‍රම්ප් හමුවීමට ද ඉල්ලා ඇති අතර ට්‍රම්ප් ඒ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ යහපත් සබඳතාවයක් තිබුණ නමුත් 2020 ජනාධිපතිවරණයෙන් අනතුරුව දෙදෙනා අතර මිත්‍රත්වය පළුදු වුණා. ජනාධිපතිවරණය තමා පරාජය වූයේ යැයි ට්‍රම්ප් පිළිගත්තේ නැහැ. නෙතන්යාහු කඩිනමින් බයිඩන් වෙත සුබපැතූ අතර ඒ පිළිබඳ ට්‍රම්ප් සිය අප්‍රසාදය දැක්වූ බවයි සඳහන් වන්නේ.

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු ඊශ්‍රායලයට පක්ෂපාතී වනු ඇති නමුත් නෙතන් යාහු පිළිබඳ කිනම් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතිදැයි නිශ්චිත ලෙස කිව නොහැකියි.