hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 12, ප.ව. 1:06



හමාස් සංවිධානයට ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ බලය සම්පූර්ණයෙන් අහිමිව ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊයේ රාත්‍රියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ගාසා නගරය සහමුලින්ම ඊශ්‍රායල හමුදා විසින් වටලා ඇති බවයි. එමෙන්ම හමාස් සංවිධානයට ප්‍රදේශයේ සැඟවීමට කිසිදු තැනක් නොමැති බවත් ඔහු කියා සිටියා.

හමාස් ත්‍රස්තයින් ගණනාවක් මියගොස් ඇති බව සහ එම සංවිධානය මුලිනුපුටා දමන තෙක් තමන් මෙහෙයුම් නොනවත්වන බව ද නෙතන් යාහු අවධාරණය කරනවා.

මේ අතර අනාගතයේදී ගාසා හි ආරක්ෂාව සැලසීම පිළිබඳ තමන් දිගටම කටයුතු කරනු ඇති බවත් අනාගත ගාසා පාලනයක් යටතේ ද ඊශ්‍රායලයට වෛර කිරීම ඉගැන්වීමට ඉඩ නොතබන බව ද ඔහු පැවසුවා.