hit counter

2025 නොවැම්‍බර් මස 05 වන බදාදා

2025 නොවැම්‍බර් 05, පෙ.ව. 8:49



නිව් යෝර්ක් නගරයේ නගරාධිපති තරගයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ සොරාන් මම්දානි ජයගත් බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු හා තරග කළ හිටපු නගරාධිපති ඇන්ඩෲ කුඕමෝ සහ රිපබ්ලිකන් පක්ෂයේ කර්ටිස් සිල්වා පරාජය කර මම්දානි මෙම ජයග්‍රහණය ලබා තිබෙනවා.

මම්දානි උගන්ඩාවේ උපන් ඉන්දියානු සම්භවයක් ඇති අයෙක්. ඔහුගේ පියා මහමුද් මම්දානි විද්‍යාර්ථියකු වන අතර මව මීරා නායර් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වනවා.

ඩිමොක්‍රටික් සමාජවාදියකු වන මම්දානි නිව් යෝර්ක් හි පළමු මුස්ලිම් නගරාධිපති වනු ඇති.

ජීවන වියදම සහ ධනවතුන් විසින් දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් පීඩාවට පත්කිරීම පිළිබඳ වන විවේචනය මම්දානිගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන කරුණු ලෙස දකින්නට ලැබුණා. එමෙන්ම ඔහු පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින්නෙක් ද වනවා.