hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 20, ප.ව. 7:01



නිජර් හි දේශපාලන අර්බුදය විසඳීම සඳහා තමන් විසින් වසර තුනක අන්තර්වාර පාලනයක් යෝජනා කළ බව එරට හමුදා පාලක අබ්දුරහ්මාන් චියානි පවසනවා.

රූපවාහිනියෙන් ජාතිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේ බටහිර අප්‍රිකානු රටවල දූත පිරිසක් හමුවීමෙන් අනතුරුවයි.

එමෙන්ම මෙම අන්තර්වාර පාලනයේ ස්වභාවය එරට හමුදා පාලනය විසින් පිහිටුවන ලද මව්බිමෙහි සුරැකීමේ ජාතික කවුන්සිලය විසින් දින තිහක් ඇතුලත තීරණය කළ හැකි යයි ද ඔහු පවසා තිබෙනවා.

බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවගේ නියෝජිත පිරිස සමග චියානි පවසා ඇත්තේ මව්බිම සුරැකීමේ ජාතික කවුන්සිලයට හෝ නිජර් ජනතාවට හෝ යුද්ධයක් අවශ්‍ය නොවන බවයි. එහෙත් යුධමය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඊට ද ප්‍රතිචාර දක්වන්නේ යයි ඔහු අනතුරු අඟවා සිටිනවා. තමන්ට පහරදීම ඇතැමුන් සිතන අයුරින් “කජු කන්නාක් සේ” පහසු නොවන බවයි ඔහු කියා සිටින්නේ.

මේ අතර අද දිනයේ ද නියාමේ අගනුවරදී නිජර් හමුදා පාලනයට සහය දැක්වෙන උද්ඝෝෂණ පැවැත්වුණු බව වාර්තා වනවා.