hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 අගෝස්‍තු 06, ප.ව. 2:42



නිජර් රාජ්‍යයේ බලය අල්ලාගත් හමුදා පාලනය රුසියානු වැග්නර් පුද්ගලික මිලිටරි සමාගමෙහි සහය ඉල්ලා ඇති බවට වාර්තා පළවී තිබෙනවා.

නිජර් හමුදා පාලනය මෙම ඉල්ලීම කර ඇත්තේ යාබද මාලි රාජ්‍යය හරහා බවයි එම වාර්තා කියා සිටින්නේ. වැග්නර් සමාගම මාලි හි කලක පටන් ක්‍රියාකාරීව සිටිනවා.

නිජර් පාලනය වැග්නර් වෙතින් සහය ඉල්ලා ඇත්තේ බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාවේ රටවල් නිජර් වෙත හමුදාමය මැදිහත්වීමක් කරන්නේ යයි කළ අනතුරු ඇඟවීම් හමුවේ යි.

අද දිනය වනවිට හිටපු ජනාධිපති මොහොමඩ් බසූම් ජනාධිපති ධුරයෙහි යළි පිහිටවීමට අපොහොසත් වුවහොත් නිජර් හමුදා පාලනය ඉවත් කිරීම සඳහා තමන් මිලිටරි මැදිහත්වීමක් වුවද කිරීමට සූදානම් බවයි එම සංවිධානය පැවසූයේ.

එවැනි තත්ත්වයක් හමුවේ යාබද නයිජීරියාවේ සිට හමුදාමය මැදිහත්වීමක් සිදුවේ යයි අනුමාන කෙරෙනවා. සංවිධානය පවසන්නේ තමන් සතුව නිජර් වෙත හමුදාමය මැදිහත්වීමක් කිරීමට අවශ්‍ය සැලැස්මක් ඇති බවයි. එහෙත් ඔවුන් ඒ පිළිබඳ වැඩි විස්තර ප්‍රකාශ කරන්නේ නැහැ.

මේ අතර විසින් කෙරෙන හමුදාමය මැදිහත්වීමක් සඳහා තම පූර්ණ සහය ලැබෙන බව ප්‍රංශය පවසනවා. මේ වනවිට ද 1,500 ක පමණ ප්‍රංශ හමුදා සේනාංකයක් නිජර් හි සිටිනවා. පසුගිය සමයේ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් සඳහා මෙම පිරිස නිජර් වෙත එවනු ලැබුණා.