hit counter

2025 නොවැම්‍බර් මස 03 වන සඳුදා

2025 නොවැම්‍බර් 03, ප.ව. 12:59



නයිජීරියාවේ ක්‍රිස්තියානි ජනතාව ඝාතනය වීම වැළැක්වීමට එරට රජය අපොහොසත් වන්නේ නම් ඇමරිකානු හමුදා මැදිහත් වන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවූවා.

එමෙන්ම ඔහු කියා සිටියේ ඒ සඳහා උපක්‍රමික සැලසුමක් සකසන ලෙස තමන් යුධ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.

නයිජීරියාවේ ක්‍රිස්තියානි ජනතාවට එරෙහිව එල්ල වන ප්‍රහාර පසුගිය වසර කිහිපයේදී ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මීට ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත සංවිධාන මෙන්ම ෆුලානි එඬේර ගෝත්‍ර ද වගකිව යුතු බවයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ.

මධ්‍යම රජය මෙම ජන ඝාතනවලට ඍජුවම සම්බන්ධ නැතත් අකාර්යක් ෂමතාවය සහ දූෂණය හේතුවෙන් මෙම සිදුවීම්වලට සන්නද්ධ හමුදාවන් හි සහ රජයේ ප්‍රතිචාර මන් දගාමී වී තිබෙනවා. මේ වනවිට කැරලි කෝලාහල​, ත්‍රස්ත ප්‍රහාර සහ එඬේර – ගොවි ගැටුම් හේතුවෙන් මිලියන 8 ක පමණ නයිජීරියානුවන් පිරිසක් අවතැන්ව සිටිනවා. මෙය එරට ජනගහනයෙන් සියයට 4 ක පමණ ප්‍රමාණයක්.