2023 අගෝස්‍තු 03, ප.ව. 5:19
හින්දි සිනමාවේ බිහිවූ සුපිරි නිර්මාණ රැසක් හැඩකළ සුපිරි නිර්මාණකරුවෙකු වූ නිතින් දේසායි මියගොස් තිබෙනවා.
ඔහු ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙක්.
මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවුණා.
මුම්බායි හි කර්ජාට් හි පිහිටි ඔහුගේ ආයතනයේ තිබී ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සිය දීවි හානිකරගෙන මියගොස් ඇති බවට සැක කරනවා.
බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක් ඔහු විසින් කලා අධ්‍යක්ෂණයෙන් හැඩකර තිබීම විශේෂත්වයක්.
ඒ අතර ලෝකයම වැළඳගත් සුපිරි නිර්මාණ ලෙස Hum Dil De Chuke Sanam, Devdas, Jodha Akbar, Lagaan, Once Upon a Time in Mumbai හැඳින්විය හැකියි.
ඔහු සිව් වතාවක් හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි එරට ප්‍රමුඛතම සම්මානයක් වන ජාතික සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
2025 මාර්තු 11, ප.ව. 10:04
2025 මාර්තු 09, ප.ව. 11:58
2025 මාර්තු 09, ප.ව. 11:52
2025 මාර්තු 05, ප.ව. 8:05
2025 මාර්තු 04, ප.ව. 11:29