hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 05, පෙ.ව. 10:13



රුසියාව සමග සාකච්ඡා කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඊයේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩෙයර් ලේයන් සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සෙලෙන්ස්කි සඳහන් කළේ එවන් සාකච්ඡා සඳහා බටහිර රටවල් වෙතින් ද කිසිදු පෙළඹවීමක් නොවන බවයි.

කෙසේ වෙතත් ඇතැම් පිරිස් අතර එවන් සාකච්ඡා සිදුවීමේ අවකාශය පිළිබඳ යම් රාවයන් මතුව ඇති බවත්, ඇතැම් වාර්තාවලින් ද එවන් අදහසක් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබඳ තමන් පුදුමයට පත්වන බවත් සෙලෙන්ස්කි කියා සිටියා.

ඇමරිකාවේ මාධ්‍ය ආයතනය විසින් ඊට පෙර වාර්තා කරනු ලැබ තිබුණේ බටහිර රටවල් සාකච්ඡා පිළිබඳ යුක්‍රේනය වෙත යම් පෙළඹවීමක් ඇතිකරන බවයි. එමෙන්ම රුසියාවේ ඉල්ලීම් සමහරක් සලකා බැලීම කෙරෙහි ද පෙළෙඹවීමක් ඇතිකරනු ලබව බව එම වාර්තාව සඳහන් කළා.