hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 28, ප.ව. 6:05



ස්වකීය ඔත්තු බලන චන්ද්‍රිකාව මගින් ධවල මන්දිරය සහ යුධමය වටිනාකමක් ඇති ඇමරිකානු ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කළ බව උතුරු කොරියාව පවසනවා.

කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පවසා සිටියේ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් එම ඡායාරූප පරික්ෂා කළ බවයි. එමෙන්ම එම නිරීක්ෂණ චන්ද්‍රිකාවේ සාර්ථකත්වය පිළිබඳ ඔහු සෑහීමකට පත්වූ බවත් එම පුවත් ඒජන්සිය සඳහන් කළා.

ධවල මන්දිරය සහ පෙන්ටගනයට අමතරව ශාන්තිකර සාගරයේ ගුවාම් දූපතේ පිහිටි ඇන්ඩර්සන් ගුවන් හමුදා කඳවුර සහ තවත් ඇමරිකානු නාවික කඳවුරු දෙකක් ද වර්ජිනියාවේ ගුවන් පථයක් ද සිය චන්ද්‍රිකාව විසින් නිරීක්ෂණය කළ බව පවසන උතුරු කොරියාව ඉතාලියේ රෝමය ද එහි නිරීක්ෂණයට ලක් වූ බව කියා සිටිනවා.

දකුණු කොරියාව සහ ඇමරිකාව පවසා සිටින්නේ උතුරු කොරියාව විසින් කරන මෙම ප්‍රකාශයන් තහවුරු කළ නොහැකි බවයි. උතුරු කොරියාව අදාල ඡායාරූප ද ප්‍රසිද්ධ කර නැහැ. කෙසේ වෙතත් පසුගිය සතියේ සිදුකළ චන් ද්‍රිකාව කක්ෂගත කිරීම ඇමරිකාව විසින් හෙළා දැක තිබුණා. ඇමරිකාව පෙන්වා දෙන්නේ එම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම උතුරු කොරියාවේ බැලිස්ටික් මිසයිල වැඩසටහන පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනා කඩ කිරීමක් බවයි.