2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 3:37
තමන් සෙනසුරාදා උදෑසන න්‍යෂ්ටික ප්‍රහාර පෙරහුරුවක් සිදුකළ බව උතුරු කොරියාව පවසනවා.
අද දින එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පසුගියදා ක්‍රියාත්මක වූ ඇමරිකානු සහ දකුණු කොරියානු යුධ අභ්‍යාසවලට පිළිතුරු ලෙස තමන් මෙම පෙරහුරුව ක්‍රියාවට නැගූ බවයි.
මේ අනුව ව්‍යාජ න්‍යෂ්ටික යුධ හිස් රැගත් මිසයිල දෙකක් මීටර 150 ක උසකින් කිලෝ මීටර 1,500 ක් ගමන් කළ බවත් ඒවා බටහිරදිග මුහුද දෙස පතිත වූ බවත් උතුරු කොරියාවේ නිල පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) ප්‍රකාශ කළා.
මෙමගින් න්‍යෂ්ටික යුද්ධයක අවදානම පිළිබඳ සිය සතුරන්ට අනතුරු ඇඟවීමට බලාපොරොත්තු වන බව උතුරු කොරියාව කියා සිටිනවා.
මේ අතර නොබෝදා උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් විසින් පුක්ජුංග් යාන්ත්‍රික කම්හල සහ අවි කම්හලක් ද නිරීක්ෂණය කෙරුණ බව කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළා. එහෙත් එම නිරීක්ෂණය කවර දිනෙක සිදුවූයේදැයි ඔවුන් කියා සිටියේ නැහැ. මෙහිදී උතුරු කොරියාවේ නාවික ශක්තිය පුළුල් කිරීම පිළිබඳ කිම් විශේෂ අවදානයක් යොමු කළේ යයි ද සඳහන් වුණා. කොරියානු කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමකදී මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38