hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2025 මැයි 13, පෙ.ව. 8:42



ඉන්දියාව විසින් ආරම්භ කළ සින් දූර් මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ ත්‍රස්ත ප්‍රහාරයක් නැවත එල්ල වුවහොත් එම මෙහෙයුම ක්‍රියාකාරී තත්ත්වයට පත් කෙරෙන බවයි. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාරකයන්ට උපරිම ප්‍රහාරය එල්ල කරන බව ද ඔහු කියා සිටියා.

මැයි 12 රාත්‍රියේ ජාතිය අමතමින් මෝදි වැඩිදුරටත් පෙන්වා දුන්නේ පාකිස්ථානය විසින් කෙරෙන න්‍යෂ්ටික තර්ජනයන්ට ඉන්දියාව යටත් නොවන බවයි. ත්‍රස්ත සංවිධානයන්ට අනුබල දෙන පාර්ශව පිළිබඳ ඉන්දියාව දැනුවත් හෙයින් නැවත ත්‍රස්ත ප්‍රහාර එල්ල වුවහොත් නිසි පරිදි උපරිම ප්‍රතිචාර දක්වන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර සටන් විරාමය පිළිබඳ මිලිටරි මට්ටමේ සාකච්ඡා ඊයේ සිදුවුණා.