hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2023 මැයි 10, ප.ව. 2:05



පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමත් සමග ආරම්භ වී ඇති විරෝධතා පාලනය කිරීම සඳහා එරට අන්තර්ජාල සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විරෝධතාකරුවන් හමුදා ප්‍රධානියාගේ නිල නිවස ඇතුළු රාජ්‍ය දේපල රැසකට හානි සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත ඊයේ (09) පැමිණි අවස්ථාවේ දී ආරක්ෂක අංශ විසින් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවා.