hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 2:01



පාකිස්ථානයේ බලෝචිස්ථාන් සහ ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්ත දෙකෙහි එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් 50 කට අධික පිරිසක් මියගියා.

සිකුරාදා දහවල් එල්ල වූ මෙම ප්‍රහාර හේතුවෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙයින් විශාලම හානි සිදුවූයේ බලෝචිස්ථානයේ මස්ටුංග් නගරයෙහි පල්ලියකයි. එම ප්‍රහාරයෙන් අවම වශයෙන් 52 දෙනකු මියගියා.

අනෙක් ප්‍රහාරය හන්ගු නගරයේ පොලිස් ස්ථානයකට ඇතුල්වීමට උත්සාහ කළ දෙදෙනෙක් වැළැක්වීමට ගිය අවස්ථාවේ සිදුව තිබෙනවා. පොලිස් නිලධාරීන් ඔවුන් වෙත වෙඩි තැබූවිට ඔවුන් අසළ මුස්ලිම් පල්ලියක් කරා දිවගොස් ඇති අතර මුල් ප්‍රහාරකයා පල්ලියේ දොරකඩ සිය බෝම්බය පුපුරවාගෙන තිබෙනවා. අනෙක් ප්‍රහාරකයා ද පුපුරවාගත් නමුත් ඒ වනවිට බොහෝදෙනා ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් තිබුණා. මෙම ප්‍රහාරයෙන් පස් දෙනකු මියගියේ යයි වාර්තා කර තිබුණා.

මෙම ප්‍රහාරය ISIS සංවිධානය විසින් එල්ල කළ බවට ඔවුන් පිළිගෙන තිබෙනවා. මේ අතර පාකිස්ථාන තලේබාන් සංවිධානය එම ප්‍රහාර තදින් විවේචනය කළා. දේශපාලන විරුද්ධවාදීකම් තිබුණද තම සංවිධානය කිසි ලෙසකින්වත් ඉස්ලාමීය දේවස්ථාන ඉලක්ක නොකරන බව පාකිස්ථාන තලේබාන් සංවිධානය පවසනවා.