2025 අප්‍රේල් 20, ප.ව. 7:06
මෙම මාසය තුළ ඇෆ්ඝන් ජාතිකයන් 19,500 ක් පාකිස්ථානයෙන් පිටුවහල් කරනු ලැබ ඇතැයි වාර්තා වනවා. මීට අමතරව 80,000 ක් පමණ දෙනා පාකිස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.
පාකිස්ථානයේ ජීවත් වන ඇෆ්ඝන් ජාතිකයන්ට එරටින් පිටවන ලෙස පාකිස්ථාන රජය නියෝග කර තිබුණා. ඒ සඳහා ලබා දී තිබූ කාලය මාර්තු මස අවසානයෙන් නිම වූ නමුත් පාකිස්ථානය විසින් එම කාලය මාසයකින් දිගු කරනු ලැබුණා.
පාකිස්ථානයේ ඇෆ්ඝන් ජාතිකයන් මිලියන 3.5 ක් පමණ ජීවත් වන්නේ යැයි විශ්වාස කරනු ලබනවා. ඔවුන් ඇෆ්ඝනිස්ථානයේ යුද්ධ හේතුවෙන් 1970 දශකයේ සිට විවිධ අවස්ථාවන් හි එරටින් පිටවූ අය සහ ඔවුනගෙන් පැවත එන්නන් වන අතර ඉන් විශාල පිරිසක් පාකිස්ථානයේ උපන් අය යි. 2021 දී තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් පසු ද තවත් 700,000 ක් පමණ පාකිස්ථානයට පළා ආවේ යැයි විශ්වාස කෙරෙනවා.
පාකිස්ථානය පවසන්නේ ඇෆ්ඝන් ජනයාගේ පැමිණීම එරටට බරක් වන අතර ජාතික ආරක්ෂාවට ද ගැටලුවක් බවයි.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15