hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 පෙබරවාරි 09, ප.ව. 9:20



පෙබරවාරි 8 වනදා පැවති පාකිස්ථාන මහමැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයන් මේ වනවිට ඉදිරියෙන් සිටිනු දකින්නට ලැබෙනවා.

පෙබරවාරි 9 වනදා එරට වෙලාවෙන් රාත්‍රී 8 ට පමණ පාර්ලිමේන්තුවේ කේවල ආසන 266 න් 219 ක ප්‍රතිඵල ලැබී තිබුණ අතර ඉන් 91 ක ජයග්‍රහණය ස්වාධීන අපේක්ෂකයන් වෙත හිමිව තිබුණා. මෙයින් වැඩි පිරිස ඉම් රාන් ඛාන් ගේ පාකිස්ථාන් තෙහෙරීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂ සාමාජිකයන් වුණා.

පාකිස්ථාන් මුස්ලිම් ලීගය – නවාස් පක්ෂයට ආසන 63 ක් සහ පාකිස්ථාන මහජන පක්ෂයට ආසන 48 ක් ද හිමිවී තිබුණා.

ඉම්රාන්ගේ PTI පක්ෂයට සිය ඡන්ද ලකුණින් තරග කිරීමට නොහැකි වීම නිසා ඔවුන් තරග වැදුනේ ස්වාධීන අපේක්ෂකයන් ලෙසයි. ඡන්ද ලකුණ අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අපේක්ෂකයන් හඳුනාගැනීම ද ඡන්දදායකයන්ට අපහසු වේ යයි අනාවැකි පළව තිබුණා. එවන් තත්ත්වයක් යටතේ ඔවුන්ට මෙවන් ප්‍රතිඵලයක් ලැබීම විශාල ජයග්‍රහණයක් සේ සැලකෙනවා.

කෙසේ වෙතත් මෙම ස්වාධීන අපේක්ෂකයන් ඉන්පසු දිගටම ස්වාධීනව සිටී ද නැතහොත් උපක්‍රමිකව වෙනත් කුඩා පක්ෂයකට එක්වේ ද යන්න තවම පැහැදිලි නැහැ.

Example Image