2023 අගෝස්තු 04, ප.ව. 2:40
පාකිස්ථාන පාර්ලිමේන්තුව අගෝස්තු 9 වනදා විසුරුවාහැරෙනු ඇති බව අගමැති ශබාෂ් ෂරීෆ් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රහස්පතින්දා සිය පාලක සන්ධානයෙහි සාමාජිකයන් සඳහා පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඔහු මේ බව සඳහන් කර ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය කියා සිටින්නේ.
මේ අනුව පාකිස්ථාන පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බරයේදී පමණ පැවැත්වීමේ ඉඩක් ඇති අතර ඊට පෙර භාරකාර රජයක් පත් කෙරෙනු ඇත.
පාකිස්ථාන පාර්ලිමේන්තුව අගෝස්තු 12 වනදා විසුරුවා හැරීමට නියමිතව තිබුණි. එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් දින 60 ක් තුළ මහ මැතිවරණය පැවැත්විය යුතු අතර ඉන් එක් දිනක් හෝ කලින් විසුරුවා හැරියේ නම් මැතිවරණය පැවැත්වීමට දින 90 ක කාලයක් ලැබේ.
ශබාෂ් ෂරීෆ්ගේ ආණ්ඩුව ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවෙන් අනතුරුව බලයට පැමිණි අතර පාකිස්ථාන ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ ය. මේ අතර ඉම්රාන් ඛාන්ගේ අනුගාමිකයන් වෙතින් එයට දිගටම අභියෝග එල්ල විය.
ඉම්රාන් ඛාන් චෝදනා කරන්නේ තමන් බලයෙන් නෙරපා හැරීමට ඇමරිකාවේ සහයෝගය ඇතිව කුමන්ත්‍රණයක් සිදුවූ බව ය. මේ අනුව ඔහු කඩිනම් මැතිවරණයක් ඉල්ලා සිටිමින් රටපුරා විරෝධතා සංවිධානය කළේ ය.
2025 මැයි 29, ප.ව. 2:30
2025 මැයි 27, ප.ව. 4:04
2025 මැයි 26, පෙ.ව. 9:50
2025 මැයි 22, ප.ව. 8:40
2025 මැයි 15, පෙ.ව. 8:46