hit counter

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, ප.ව. 11:45



සිය රටට අනවසරයෙන් ඇතුල් ව සිටින්නන් මෙම මස අග වනවිට රටින් පිටව යා යුතු බව පාකිස්ථානය පවසනවා.

එරට අන්තර්වාර ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ඇමති සර්ෆ්‍රාස් බුග්ටි කියා සිටින්නේ නොවැම්බර් 1 වනදා වනවිට පිටව ගොස් නොමැති පුද්ගලයන් රටින් පිටමං කිරීමට කටයුතු කරන බවයි.

බුග්ටි පෙන්වා දුන්නේ ඇෆ්ඝනිස්ථානයෙන් පමණක් මිලියන 1.73 ක් දෙනා අනවසරයෙන් ඇතුලත්ව පාකිස්ථානෙයෙහි රැඳී සිටින බවයි. ඔවුන් අතරින් පාකිස්ථාන් තලේබාන් සංවිධානයට සහය ලැබෙන බවත් එහෙයින් මෙම ජනයා සිය රටේ ආරක්ෂාවට අනතුරක් බවත් බුග්ටි පෙන්වා දුන්නා.

මෙම වසර තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 24 න් 14 කටම ඇෆ්ඝන්වරුන් සම්බන්ධ බව පාකිස්ථාන බලධාරීන් පවසනවා. පසුගිය සතියේ සිදුවූ ප්‍රහාර දෙකෙන් එකක් ද ඇෆ්ඝන්වරයකු විසින් සිදුකර ඇති බවයි බුග්ටි පෙන්වා දෙන්නේ.

පාකිස්ථානය තුළ ඇෆ්ඝන් සරණාගතයන් මිලියන 4.4 ක් ජීවත්වන බව සඳහන්. ඉන් 600,000 ක් 2021 අගෝස්තුවේ තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලාගත් පසු පැමිණි පුද්ගලයන් බව වාර්තා වනවා.