2023 අගෝස්‍තු 30, ප.ව. 12:35
ඉහළ ගිය ඉන්ධන සහ විදුලි ගාස්තු පිළිබඳ විරෝධය දක්වමින් පාකිස්ථානයේ විරෝධතාකරුවන් සිය විදුලි බිල් ගිනිතැබීමට පටන් ගෙන තිබෙනවා.
රටපුරාම මතුවන විරෝධය හමුවේ පාකිස්ථානයේ වැඩබලන ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂයෙන්ම පාකිස්ථානය සිය කඩාවැටුණ ආර්ථිකය ගොඩගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි උපකාර ලබාගන්නා පරිසරයකදී භාරකාර ආණ්ඩුව තවත් අසරණව සිටින බවයි වාර්තා වන්නේ.
ඊයේ මේ පිළිබඳ පවත්වන ලද කැබිනට් රැස්වීමේදී ද මේ බව දිස් වූයේ යයි අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වන පාකිස්ථාන මාධ්‍ය සඳහන් කළා.
කෙසේ වෙතත් භාරකාර ආණ්ඩුව මෙම තත්ත්වය පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ද දැනුවත් කර කිසියම් සහනදායී ක්‍රමයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන්නේ යයි වාර්තා වනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59