2025 මැයි 07, පෙ.ව. 10:06
ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා පහක් විනාශ කිරීමට සමත් වූ බව පාකිස්ථානයේ ප්‍රවෘත්ති ඇමතිවරයා සහ ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.
බ්ලුම් බර්ග් සමග අදහස් දක්වමින් එරට ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර තිබුණේ සින්ධූර් මෙහෙයුම සඳහා යොදාගත් ගුවන් යානා පහක් විනාශ කර නියමුවන් කිහිප දෙනකු ද අල්ලාගෙන ඇති බවයි. නමුත් ඔහු ඊට සාක්ෂි ඉදිරිපත් කළේ නැහැ.
මේ අතර ප්‍රවෘත්ති ඇමතිවරයා අද අලුයම පාකිස්ථාන රූපවාහිනී ආයතනයක් සමග කළ සාකච්ඡාවකදී මෙසේ ගුවන් යානා පහක් විනාශ කළ බව කියා සිටියා. මේ අතර ඉන්දියානු රෆාල් ගුවන් යානා තුනක්, මිග්-29 යානයක් සහ සුකෝයි-30 යානයක් වන බව පාකිස්ථානය පවසනවා.
ඉන්දියාව මේ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් සඳහන් කර නැහැ. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රංශයේ නිපදවන ලද ගුවන් යානයක සුන්බුන් යැයි පැවසෙන වීඩියෝවක් සංසරණය වෙමින් පවතිනවා. එය ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ බතින්ඩා ප්‍රදේශයට කඩාවැටුණක් බවයි සඳහන්ව තිබුණේ. එම වීඩියෝ දර්ශන පිළිබඳව ද නිල ප්‍රකාශයක් මෙතෙක් සිදුවී නැහැ.
පාකිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්ත කඳවුරු හතරක් සහ කාශ්මීරයේ පාකිස්ථාන පාලනය යටතේ පවතින කොටසේ ක්‍රියාත්මක කඳවුරු පහක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වූ බවයි ඉන් දියානු මූලාශ්‍ර පවසන්නේ. එහිදී පාකිස්ථානයේ බහවල්පූර් හි ජයිශ්-ඊ-මුහම්මද් සංවිධානයේ මූලස්ථානය ද පාකිස්ථානයේ මුරිද්කේ හි ලශ්කාර්-ඊ-තයිබා සංවිධානයේ මූලස්ථානය ද ඉලක්ක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 මැයි 07, පෙ.ව. 4:05
2025 මැයි 04, පෙ.ව. 4:19
2025 මැයි 02, ප.ව. 1:50
2025 මැයි 02, ප.ව. 1:14
2025 අප්‍රේල් 29, ප.ව. 3:48