2025 මැයි 10, ප.ව. 2:45
පාකිස්ථානය දේශසීමා ඉදිරිපෙළ දෙසට හමුදා එවමින් සිටින බව ඉන්දියානු ආරක්ෂක අංශ පවසනවා.
මේ බව ඔවුන් කියා සිටියේ අද දින නව දිල්ලියේදී ආරක්ෂක සහ විදේශ අමාත්‍යංශ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.
මෙහිදී කර්නල් සොෆියා කුරේශි සහ විංග් කමාන්ඩර් වියෝමිකා සිං අද උදෑසන සිදුවූ සිදුවීම් පිළිබඳ කරුණු දැක්වූවා.
ඔවුන් කියා සිටියේ හර්යානා ප්‍රාන්තයේ සිර්සා කඳවුර දෙසට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්ථානයේ කඳවුරු අටකට ප්‍රහාර එල්ල කළ බවයි. ඒ අතර නූර් ඛාන් කඳවුර, මුරිද් කඳවුර, රෆීකි කඳවුර, රහිම් යාර් ඛාන් කඳවුර, සුකූර් කඳවුර, චූනියන් කඳවුර, පර්සුර් රේඩාර් මධ්‍යස්ථානය සහ සියල්කොට් කඳවුර වූ බවයි සඳහන් වූයේ.
මේ අතර පාකිස්ථානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් උධම්පූර්, බූජ්, පතන්කෝට්, බතින්ඩා කඳවුරුවලට හානි සිදුව ඇතැයි ද ඔවුන් කියා සිටියා. තවද පාකිස්ථානය විසින් ප්‍රකාශ කෙරෙන අනෙකුත් හානි සිදු නොවූ බවයි ඉන්දියාව පැවසූයේ.
පාකිස්ථානයේ ආරක්ෂක ඇමතිවරයා සඳහන් කර තිබුණේ න්‍යෂ්ටික විකල්පයක් පිළිබඳ සිතා බැලීමට මෙතෙක් යොමුව නොමැති බවයි. තත්ත්වය වඩා උණුසුම්කාරී වී ඇත්තේ ඉන්දියාවේ ක්‍රියාකාරකම් හේතුවෙන් බව ඔහු චෝදනා කළා.
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:23
2025 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:06
2025 අගෝස්තු 31, ප.ව. 2:36
2025 අගෝස්තු 25, පෙ.ව. 8:33
2025 අගෝස්තු 17, ප.ව. 11:26