hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 6:39



ස්මා(ර්)ට් ජංගම දුරකථන වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වෙයි.

ළමුන් සඳහා එම දුරකථන භාවිතය දිනකට උපරිම වශයෙන් පැය දෙකක් ලෙස සීමා කළ යුතු බවයි, අන්තර්ජාලය නියාමනය කිරීම සඳහා ස්ථාපනය කර ඇති එරට ආයතනය පවසන්නේ.

ඒ හේතුවෙන් අද දිනයේ එරට අදාළ සමාගම්වල කොටස් මිල ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

සයිබර් අවකාශය නියාමනය සඳහා එරට අධිකාරිත්වය හිමි ‘Cyberspace Administration of China’ පවසන්නේ, ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ‘minor mode’ යනුවෙන් මෙවලමක් හඳුන්වා දෙන ලෙසටය.

එමගින් වයස අවුරුදු 18ට අඩු අයට ජංගම දුරකථනය යොදාගෙන රාත්‍රී 10 සිට උදෑසන 6 දක්වා කාලය තුළ අන්තර්ජාලයට පිවිසීම වළක්වයි.

නව නිර්දේශ අනුව අවුරුදු 16ත් 18ත් අතර වයස් කාණ්ඩය සඳහා දිනකට පැය 2ක් අවුරුදු 8ත් 16ත් වයස් කාණ්ඩය සඳහා දිනකට පැයක් සහ වයස අවුරුදු 8ට අඩු ළමුන් සඳහා දිනකට මිනිත්තු 8ක් වශයෙන් ජංගම දුරකථන භාවිතයට ඉඩ ලබාදීමට නියමිතය.

නමුත් මෙම නිර්දේශ සඳහා සමාගම් සම්පූර්ණ වශයෙන් එකඟවී නොමැති බව ද වාර්තා වී ඇත.