hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 07, ප.ව. 7:53



පසුගියදා පැවති මිස් ඇලබාමා රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාව බවට පත්වූ ස්ථුල කාන්තාවක වන සාරා මිලිකන් වෙත පැසසුම් මෙන්ම ගැරහුම් ද ලැබෙන්නට පටන් ගෙන තිබෙනවා.

ඇයගේ ජයග්‍රහණය විවේචනය කරන්නන් සඳහන් කරන්නේ එමගින් ඇලබාමා ප්‍රාන්තය පිළිබඳ කිසියම් අයහපත් අදහසක් ජනිත කෙරෙන බවයි.

කෙසේ වෙතත් තමාට අවශ්‍ය වූයේ තම සිරුර පිළිබඳ ධනාත්මකව සිතීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීම බවයි මිලිකන් පවසා තිබුණේ.

නමුත් ඇයව විවේචනය කරන්නන් විසින් පෙන්වා දුන් කරුණක් වූයේ ස්ථුලතාවය සෞඛ්‍යමය වශයෙන් ගැටලු සහගත නිසා එවැන්නක් ප්‍රවර්ධනය නුසුදුසු බවයි. එමෙන්ම එය ශරීර සෞඛ්‍යය පවත්වාගැනීම සඳහා වෙහෙසෙන කාන්තාවන්ට කරන ලද අසාධාරණයක් බව ද ඔවුන් කියා සිටිනවා.

ඇලබාමා ප්‍රාන්තයේ සියයට 37 ක් පමණ දෙනා ස්ථුලතාවයෙන් පෙලෙන බව වාර්තා වන අතර එය ඇමරිකාවේ ම ඉහළ ප්‍රතිශතයක් ලෙස සඳහන් වනවා.

සාරා මිලිකන් තම ජයග්‍රහණය හේතුවෙන් නොවැම්බරයේ පැවැත්වෙන මිස් ඇමරිකා අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.