hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 මාර්තු 10, ප.ව. 6:17



සාකච්ඡා මාර්ගයෙන් රුසියාව සමග වන ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා යුක්‍රේනය ක්‍රියා කළ යුතු යයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා.

ඔහු සඳහන් කරන්නේ සාකච්ඡා කරන්නා පරාජිතයකු නොවන බවයි. ජනතාව මුහුණදෙන තත්ත්වය තේරුම්ගෙන එය අවසන් කිරීම සඳහා සාකච්ඡා මේසයට පැමිණෙන්නා ඇත්තෙන්ම වඩාත් ශක්තිවන්තයා බවයි ඔහු කියා සිටින්නේ.

කෙසේ වෙතත් පාප්වහන්සේගේ මෙම ප්‍රකාශය කිහිපදෙනකුගේම දැඩි විවේචනයට හේතු වී තිබෙනවා. යුක්‍රේනයේ ග්‍රීක කතෝලික පල්ලියේ ප්‍රධාන පූජකවරයා අවධාරණය කළේ එරට කිසිවකුට යටත්වීමේ අවශ්‍යතාවයක් නැති බවයි.

තවද​, පුටින්ට යුක්‍රේනයෙන් හමුදා ඉවත් කරගන්නා ලෙස යෝජනා කරන්නේ නැතිදැයි පෝලන්ත විදේශ අමාත්‍යවරයා පාප්වහන්සේ වෙතින් විමසා සිටිනවා.

2022 දී සටන් ඇරඹී ස්වල්ප කලකින් රුසියාව සහ යුක්‍රේනය සාකච්ඡා පැවැත්වූ නමුත් ඉන් අනතුරුව ඒවා බිඳ වැටුණා.

Example Image