hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2023 ජූනි 09, පෙ.ව. 11:15



රෝමයේ ගැමේලී ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට උදර සැත්කමක් සිදු කළ බව වතිකානය පවසනවා.

වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය වැඩි දුරටත් නිවේදනය කළේ හර්නියා තත්ත්වයක් හේතුවෙන් 86 හැවිරිදි පාප්තුමා මෙම සැත්කමට භාජන කළ බවයි.

සැත්කමින් පසු දින කීපයක් රෝහලේ රැඳී සිටීමට පාප්තුමන්ට සිදුවනු ඇතැයි ද පැවැසෙනවා.

මාස කීපයක් ඇතුළත පාප්තුමන් මෙසේ රෝහල්ගත කෙරුණේ දෙවැනි වරටයි.