hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:10



සඳ මත රැඳී සිටින ප්‍රග්යාන් රෝවරය නින්දට යැවූ බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය (ISRO) ඊයේ සඳහන් කළා.

දින 14 කින් පසුව එය යළි අවදි කරන්නට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයන් පවසා සිටින්නේ.

රෝවරයෙහි තිබෙන ඇල්ෆා අංශු X-කිරණ වර්ණාවලීමානය සහ Laser Induced Breakdown Spectrometer (LIBS) උපකරණය ද මේ අනුව තාවකාලිකව නිවා දමනු ලබනවා.

ප්‍රග්යාන් රෝවරයේ බැටරි සම්පූර්ණ ලෙස ආරෝපණය කරනු ලැබ ඇති බව සඳහන් කරන ISRO ආයතනය​, සැප්තැම්බර් 22 වනදා සූර්යයා මීළඟට මෙම ප්‍රදේශයට නැගෙන අවස්ථාවේ එහි කිරණ ලබාගත හැකි පරිදි රෝවරයේ සූර්යය කෝෂ හරවා ඇති බව ද කියා සිටියා.

යම් හෙයකින් දින 14 කින් රෝවරය ක්‍රියාත්මක කළ නොහැකි වුවහොත් මෙහෙයුම එසේ අවසන් වනු ඇති.