hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 11, ප.ව. 12:49



ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනා දිනාගැනීමේ තරගයෙන් හිටපු නිව් ජර්සි ආණ්ඩුකාර ක්‍රිස් ක්‍රිස්ටි ඉවත්ව තිබෙනවා.

ඊයේ රිපබ්ලිකන් පක්ෂයේ පස්වැනි විවාදය පැවැත්වීමට පැය කිහිපයකට පෙර ඔහු කියා සිටියේ තමන්ට තම මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නොපෙනෙන බවයි.

මේ වනවිට තරගයේ ඉදිරියෙන්ම සිටින්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වුවද ඔහු ඊයේ පැවති විවාදයට ද එක් වූයේ නැහැ. එම විවාදය පවත්වන ලද්දේ ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් සහ දකුණු කැරොලිනා හිටපු ආණ්ඩුකාර නිකී හේලි අතරයි. මේ අතර විවේක් රාමස්වාමි ද තරගයේ රැදී සිටිනවා.

මෙම නාමයෝජනා සටනෙහි පළමු තරගය ජනවාරි 15 වනදා අයෝවා ප්‍රාන්තයේ රැස්වීම් මගින් පැවැත්වෙනවා.