2024 මාර්තු 23, පෙ.ව. 6:54
මොස්කව් නගරයේ ක්‍රෝකුස් සිටි හෝල් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට යුක්‍රේනය කිසිසේත්ම සම්බන්ධ නැතැයි එරට විදේශ අමාත්‍යංශය පවසනවා.
මේ අතර එරට හමුදා බුද්ධි අංශය කියා සිටින්නේ මෙම ප්‍රහාරය ජනාධිපති ව්ලදිමීර් පුටින් ගේ විශේෂ බලකායන් විසින්ම සිදුකරන්නට ඇති බවයි.
ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට මොස්කව් හි සිදුවිය හැකි ප්‍රහාරයක් පිළිබඳ අනතුර ඇඟවූ බවත් පුටින් බලයට පැමිණියේ ද මෙවැනි සිදුවීමක් මතින් බවත් හමුදා බුද්ධි අංශයේ ප්‍රකාශය අන්ද්‍රේයි යුසෝෆ් පවසනවා.
කෙසේ වෙතත් මොස්කව් නගරයේ ක්‍රෝකුස් සිටි හෝල් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන ඇතැයි CNN පුවත් සේවය වාර්තා කළා.
සංගීත ප්‍රසංගයක් ඇරඹීමට පෙර එම ස්ථානයේදී මුහුණු වසාගත් පුද්ගලයන් තිදෙනකු විසින් ප්‍රහාර එල්ල කර තිබුණා. ගොඩනැගිල්ලේ ගින්නක් ද හටගත් අතර එය ද තවම පාලනය කර නැහැ.
රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක කාර්යංශය පවසන පරිදි ප්‍රහාරයෙන් අවම වශයෙන් 40 ක් මියගොස් තවත් අවම වශයෙන් 100 ක් තුවාල ලබා තිබෙනවා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53