2025 දෙසැම්බර් 05, පෙ.ව. 12:46
පසුගියදා ශැංහයි සහයෝගිතා සමුළුවට සහභාගී වීම සඳහා චීනයට සංචාරය කළ අවස්ථාවේ තමන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකම මෝටර් රථයේ ගමන් කළ සිදුවීම පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හෙළිදරව් කළා.
ඉන්ඩියා ටුඩේ මාධ්‍ය ආයතනයෙහි අන්ජනා ඕම් කාශ්‍යප් සහ ගීතා මෝහන් සමග ක්‍රෙම්ලීනයේදී සිදුකරන ලද සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ එම ගමන කිසිසේත්ම කලින් සැලසුම් කරන ලද්දක් නොවන බවයි.
ඔවුන් දෙදෙනාම සමුළුව සඳහා පිටත් වනවිට තම මෝටර් රථය එහි වූ බවත් තමන් මෝදිට එහි පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් පුටින් පැවසුවා.
එහිදී ඔවුන් එවක පැවති දේශපාලන තත්ත්වය සහ අනෙකුත් කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් කළ පුටින් කියා සිටියේ තමන්ටත් මෝදිටත් සැමවිටම සාකච්ඡා කිරීමට කරුණු ඇති බවයි.
සමුළුව පැවැත්වෙන ස්ථානයට පැමිණි අවස්ථාවේ ද ඔවුන් වාහනයේ රැඳී තවත් යම් වෙලාවක් සාකච්ඡාවෙහි නිරත වූ බව පුටින් කියා සිටියා.
මෙම ක්‍රියාව හුදෙක් මිත්‍රත්වය හඟවන කරුණක් බවයි පුටින් සඳහන් කළේ.
ව්ලදිමීර් පුටින් දෙසැම්බර් 4 වනදා ඉන්දියාවේ සංචාරයක් ඇරඹූ අතර ඔහු පිළිගැනීමට මෝදි ගුවන් තොටුපලට පැමිණ සිටියා. ඉන්පසු දෙදෙනා මෝදිගේ නිල රථයෙන් ගමන් කරනු දිස් වුණා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59