hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 05, ප.ව. 9:02



රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් 2023 සිට ප්‍රසිද්ධියේ පෙනී සිටියදී වෙඩි නොවදින කබායක් ඇඳීමට පටන් ගෙන ඇතැයි මොස්කව් ටයිම්ස් පුවත්පත පවසනවා.

ක්‍රෙම්ලීනය විවේචනය කරන ස්ථාවරයක සිටින පුවත්පතක් වන මොස්කව් ටයිම්ස් මේ බව කියා සිටින්නේ අභ්‍යන්තර මූලාශ්‍ර දෙකක් පදනම් කරගෙන බවයි සඳහන් කළේ.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) විසින් කරන ලද නිර්දේශයක් මත පුටින් මෙම ආරක්ෂක පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඉකුත් මැයි 9 වනදා රතු චතුරශ්‍රයේ පැවති දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණ සැමරුම සඳහා ද පුටින් පැමිණ ඇත්තේ වෙඩි නොවදින කබායක් ඇඳගෙන බවයි මොස්කව් ටයිම්ස් පවසන්නේ.