2024 ජූනි 17, ප.ව. 9:49
 
            
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් උතුරු කොරියාවේ සහ වියට්නාමයේ සංචාරයක යෙදීමට නියමිත බව ක්‍රෙම්ලීනය අද ප්‍රකාශ කළා.
ඒ අනුව ජූනි 18-19 දෙදින තුළ උතුරු කොරියාවේ සංචාරය කරන පුටින්, ඉන් අනතුරුව වියට්නාමයේ සංචාරය කරනවා.
පුටින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන්නේ වසර 24 කට පසුවයි. මෙම සංචාරයෙන් අනතුරුව දෙරට අතර විශේෂයෙන්ම යුධමය සබඳතා තවත් ශක්තිමත් වේ යයි කලාපීය රටවල් විමසිල්ලෙන් පසුවන බව සඳහන්.
පසුගිය සමයේ මෙම දෙරට අතර සබඳතා බෙහෙවින් ශක්තිමත් වූ අතර උතුරු කොරියානුවන් රුසියාවට අවි සපයන බවට විශ්වාස කෙරෙනවා.
මේ අතර පුටින් වියට්නාමයේ සංචාරය කිරීම පිළිබඳව ද ඇමරිකාව විරෝධය දක්වා තිබෙනවා. වියට්නාමය සමග සබඳතා පුළුල් කරගැනීමට ඇමරිකාව පසුගිය සමයේ විශේෂ උත්සාහයක් ගත් අතර ඇමරිකානු ජනාධිපති බයිඩන් ද එහි සංචාරය කළා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 9:06
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:02
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:16
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:31
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 8:43