2022 ඔක්‍තෝබර් 27, ප.ව. 12:52
රබර් වත්තක කිරි කපමින් සිටි කාන්තාවක පිඹුරකු විසින් සම්පූර්ණයෙන්ම ගිලිනු ලැබීමේ සිද්ධියක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ එරට ජම්බි නැමැති පළාතේ.
පිඹුරාට බිලි වී ඇත්තේ ජහ්රා නැමැති 50 හැවිරිදි කාන්තාවක්.
පසුගිය ඉරිදා උදෑසන කිරි කැපීම සඳහා රබර් වත්තට ගිය ඇය රෑ බෝ වනතුරුත් නිවසට නොපැමිණීම නිසා ඇයගේ සැමියා ඇය ගැන සෙවීමට පියවර ගෙන තිබූ බව සඳහන් වෙනවා.
එහි දී තම බිරිඳගේ ඇඳුමක් සහ කිරි කපන උපකරණ බිම වැටී තිබෙනු දුටු ඔහු මේ ගැන පොලිසියට දන්වා තිබූ අතර ඒ අනුව කාන්තාව සෙවීමේ මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා.
ගම් වැසියන්ද ඊට සහභාගි වී තිබෙනවා.
ඊට පසුදා ඔවුන්ට විශාල උදරයකින් යුතු පිඹුරකු දැකගන්නට ලැබී තිබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිඹුරා ගැන සැක සිතූ ගැමියන් ඌ මරා පරීක්‍ෂා කිරීමේ දී පිඹුරාගේ කුස තුළ තිබී කාන්තාවගේ මළ සිරුර හමු වී තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම දැවැන්ත පිඹුරා අඩි 16 ක් (මීටර 5 ක්) පමණ දිගින් යුතු එකෙක්.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59