hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 20, පෙ.ව. 8:11



රාමසාන් මාසය ආරම්භ වනවිට හමාස් සංවිධානය භාරයේ සිටින සියළුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලද්දේ නැතිනම් රෆා නගරයට එරෙහිව ගොඩබිම් මෙහෙයුම් අරඹන බව ඊශ්‍රායල යුධ කැබිනෙට්ටුවේ සාමාජික බෙනී ගාන්ට්ස් ප්‍රකාශ කළා.

රෆා නගරය ඊශ්‍රායල ගොඩබිම් හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක නොවන ගාසා තීරයේ අවසන් නගරයයි. එහි මේ වනවිට මිලියන එකහමාරක පමණ ජනගහනයක් ජීවත් වන බව වාර්තා වනවා.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා තවමත් පැවැත්වෙමින් තිබුණ ද හමාස් සංවිධානය විසින් කරන ලද​ ස්ථිරසාර සටන් විරාමයක් සඳහා ඉල්ලීම් ආදියට ඊශ්‍රායලය එකඟ නොවූයෙන් එම සාකච්ඡා ද මන්දගාමී වී තිබෙනවා.